Tuesday, 26 January 2021

කාල් මාක්ස් පංති ගැටුම

  

කාල් මාක්ස් (1818-1883)
  

  සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම්  තැනක් නොදැරූ එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකි වූ සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැක්කේ කාල් මාක්ස් (1818-1883) වේ(සමර්කෝන්, 2005; 63). සමකාලීන ලෝකයේ මාක්ස්වාදයේ දර්ශනය අතිශයින් වැදගත් වේ. එය මාන්ව ප්‍රගතිය පිළිබද අපෝහක න්‍යායක් වන අතර එය සමාජ විපර්‍යාස පිළිබඳ න්‍යායක් සහ සමාජ සංවර්ධනයේ නීති තේරුම් ගැනීමට උපකාරී වන විද්‍යාත්මක දර්ශනයක් සපයයි (Jayapalan, 2001; 35). මාක්ස් සමාජ විද්‍යා ක්ෂේත්‍රයට න්‍යාය රාශියක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙකි. මාක්ස් තම න්‍යායන් ඔස්සේ ඉදිරිපත් කර ඇත්තේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. ඔහු මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා න්‍යායන් රාශියක් ඉදිරිපත් කර ඇත. 

පංති ගැටුම

    සමාජ විද්‍යාව පන්ති ගැටුම පිළිබද සමාජ විද්‍යාව ලෙස ද හැදින්වේ. මාක්ස් තම පංති ගැටුම පිළිබඳ න්‍යාය ඉදිරිපත් කර ඇත්තේ 1848 දී ප්‍රකශය පත් කරන ලද "කොමියුනිස්ට් ප්‍රකාශනය" මගින් ය. 
   කාල් මාක්ස්ගේ මතය වූයේ නිෂ්පාදන හා හුවමාරු ක්‍රමයේ වේගවත් වෙනස්කම්වලට අනුව හැඩ ගැසීමට කිසියම් සමාජයක සුපිරි ව්‍යුහය අපොහොසත් වූ විට අර්බුදයක් ඇති විය හැකි අතර එය විසදිය හැක්කේ විප්ලවයක් මගින් පමණක් බවයි. කෝමියුනිස්ට් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාක්ස් ප්‍රකාශ කළේ ඕනෑම සමාජ ව්‍යුහයක් වෙනස් කළ හැකි එකම ක්‍රමය පන්ති අරගලය බවයි. මාක්ස් ප්‍රකාශ කර් ඇත්තේ "මෙතෙක් පැවති සියලුම සමාජයේ ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසයයි" යනුවෙනි (Jayapalan, 2001; 50).
    කාල් මාක්ස් විසින් මුලින් අදහස් කරන ලද ගැටුම් න්‍යාය සීමිත සම්පත් සදහා වන තරගකාරීත්වය හේතුවෙන් සමාජය සදාකාලික ගැටුමක පවතින බවට න්‍යායකි. ඔහුට අනුව සමාජයේ ව්‍යුහය "පදනම සහ ව්‍යුහය" තුළින් පුරෝකථනය කළ හැකි ය. මෙහිදී යම් සමාජයක ආර්ථික ස්වභාවය පදනම වන අතර සමාජ ආයතන හා සංස්කෘතිය මෙම පදනම මත රැදී ඇති අතර එය සුපිරි ව්‍යුහයයි. මාක්ස් දුටු පරිදි සමාජයේ වෙනසක් ඇති වීමට ප්‍රධානම හේතුව ගැටුමයි. ධනවතුන් හෝ නිෂ්පාදනට වගකිව යුතු ජනතාව සහ කම්කරුවන් වූ දුප්පතුන් අතර ගැටුමක් ඇති බව ඔහු අවබෝධ කර ගත්තේ ය. ඉතිහාසයේ සෑම සමාජ විප්ලව අවස්ථාවකදීම මෙම ගැටුම දක්නට ලැබුණි. මෙම වාර්ගික ගැටුමට හේතුව එක් පන්තියක් ආධිපත්‍ය දැරීමට උත්සාහ කළ නිසා ඇති වන මෙම ගැටුම් ප්‍රතිවිරෝධතා ලෙස හැදින්ව. වැඩවසමවාදය අවසන් වූ පසු ඔහූගේ කාලය තුළ සම්පූර්ණ නව විප්ලවවාදී පන්තියක් ඇති වූ බව ඔහු පවසයි. එය කම්කරු පන්තියේ ආධිපත්‍ය දැරී ය. ඉහළ පංතිය හැදින් වූයේ "ධනේෂ්වරය" ලෙස වන අතර කම්කරු පන්තිය "නිර්ධන පංතිය" ලෙස හැදින්වේ. 1848 දී "මාක්ස් සහ එංගල්ස්" නම් පොතේ පවසන පරිදි "සමස්තයක් ලෙස සමාජය වඩ වඩාත්  විශාල සතුරු කදවුරු දෙකකට එකිනෙකාට සෘජුවම මුහුණ දෙන මහා පංති දෙකකට බෙදී යයි (Introbooks, 2018; 1). 
   මාක්ස්ගේ ගැටුම් න්‍යායේ අනුවාදය ප්‍රථමික පංති දෙකක් අතර ගැටුම කෙරෙහි අවධානය යොමු කළේ ය. සෑම පංතියක්ම අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ යම් ප්‍රමාණාත්මක දේපළ හිමිකමකින් බැදී සිටින පිරිසකගෙන් සමන්විත වේ. ධනය බහුතරයක් දරණ සමාජයේ සාමාජිකයින් ධනේෂ්වර පංතිය සහ නිර්ධන පංතිය වශයෙනි. එය කම්කරු පංතිය හෝ දුප්පතුන් ලෙස සලකයි. ධනවාදයේ නැගීමත් සමග ජනගහනය තුළ සුසුළුතරයක් වන ධනේෂ්වරය ඔවුන්ගේ බලපෑම යොදාගෙන නිර්ධන පංතියට පීඩා කරනු ඇතැයි මාක්ස් අදහස් කළේ ය. මෙම චින්තන ක්‍රමය සමාජයේ ගැටුම් න්‍යාය පදනම් කරගත් ආකෘතීන් හා සම්බන්ධ පොදු ප්‍රතිරූපයක් සමඟ බැදී ඇත. මෙම දර්ශනයට අනුව සමාජයේ භාණ්ඩ හා සේවා බෙදා හරින ආකාරය අනුව පිරමීඩ සැලස්මක් ඉදිරිපත් කර ඇත. 
   පිරමීඩය මුදුනේ සමාජයේ විශාල කොටසකට නියමයන් සහ කොන්දේසි නියම කරන් කුඩා ප්‍රභූ පැළන්තිය ඇත. පිරමීඩය පහළ කොටසේ බහුතරයක් වූ නිර්ධන පංතිය ඇත. 
 සමාජය තුළ අසමාන ව්‍යාප්තියක් දෘෂ්ටිවාදාත්මක බලහත්කාරය තුළින් පවත්වාගෙන යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ධනවාදය ලොව පුරා සිය බලය තහවුරු කර ගන්නා විට ධනවාදී නොවන පංති තුරන් කර නර්ධන පංතිය පුළුල් වේ. කර්මාන්ත ශාලා සහ කාරමික නගර ප්‍රමාණයෙන් වර්ධනය වන හෙයින්  එය වෙන කවරදාකටත් වඩා විශාල සංඛ්‍යාවක් සංකේද්‍රණය වී ඇත (Jessop, 1998; 6). ධනේෂ්වරය විසින් නිරධන පංතිය වර්තමාන කොන්දේසි පිළිගැනීමට බල කරනු ඇත. ගැටුම් න්‍යාය උපකල්පනය කරනු ලබන්නේ ප්‍රභූ පැළන්තිය තමාගේ ආධිපත්‍යයට තව දුරටත් සහය දැක්වීම සඳහා නීති, සම්ප්‍රධායන් සහ වෙනත් සමාජ වහ්‍යුයන් සකස් කරනු ඇති අතර අනෙක් අය ඔවුන්ගේ නිලයට බැඳීම් වළක්වනු ඇති බවයි. කම්කරු පංතිය සහ දුප්පතුන් නරක අතට හැරෙන තත්ත්වයන්ට ලක් ව ඇති හෙයින් සාමුහික අසමානතාවයක් පිළිබඳ වැඩි දැනුවත් කිරීමක් ඇති කරන බවත් මෙය කැරැල්ලකට හේතූ විය හැකි බවත් මාක්ස් ප්‍රකාශ කර ඇත.
   මාක්ස් තර්ක කළේ නිෂ්පාදන මාධ්‍යයන් සහ ශ්‍රමය සම්බන්ධ වී ඇත්තේ නිෂ්පාදනයේ වටිනාකම කෙළින්ම සම්බන්ධ වන්නේ එය සෑදීමට කොපමණ ශ්‍රමයක් අවශ්‍යද යන්නයි. අවම වශයෙන් දිනකට කම්කරුවනගේ ආහාර සහ නවාතැන් සඳහා ගෙවිය යුතු අතර නිෂ්පාදන මාධ්‍යයන් සඳහා (අමු ද්‍රව්‍ය හා කර්මාන්තශාලා) වියදම් කළ නිෂ්පාදකයාගේ ප්‍රාග්ධනය ප්‍රතිස්ථාපනය කළ යුතු වි. මෙම තර්කය අනුව සමුච්චිත ශ්‍රමයේ අතිරික්තයක් තිබේ නම් ලාභය ජනනය විය. මෙයින් අදහස් කළේ කම්කරු පංතිය සූරාකෑමයි. මන්ද යත් අතිරික්ත ශ්‍රමය මගින් නිෂ්පාදන මාධ්‍යන් හිමි පුද්ගලයින්ට පමණක් වටිනාකමක් ලැබෙනු ඇත. කකම්කරු පංතිය දිගින් දිගටම සූරාකෑම අවසානයේ පාලක පන්තියට එරෙහිව නැගීටීමකට තුඩු දෙනු ඇතැයි මාක්ස් විශ්වාස කළේ ය. මෙය ධනවාදයේ මාරාන්තික දෝෂය බවත් එවැනි නැගිටීමක් සමාජය හා කොමියුනිස්ට්වාදය වෙත මාරුවීමට හේතු වනු ඇති බවත් මාක්ස් පෙන්වා දේ. 
    සමාජ පරිණාමය පංති ගැටුමේ ප්‍රතිපලයක් ලෙස දකින මාක්ස් සමාජ පරිණාමයේ අවධීන් 6ක් ඉදිරිපත් කර ඇත. ඔහු ඉදිරිපත් කරන ඒකීය සැලැස්ම තාර්කික පමණක් නොව මානව සමාජ ජීවිතයේ කාලානුක්‍රමික ප්‍රගතියක් ලෙස සලකනු ලබයි. 
  1. ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය
  2. වහල් අවධිය 
  3. වැඩවසම් අවධිය
  4. ධනවාදී අවධිය
  5. සමසමාජවාදී අවධිය 
  6. සුපිරි කොමියුනිස්ට් අවධිය (Hoogvelt, 1982; 149-150).
මෙම අවඅවධීන් තුළ පවතින පංති ස්ථර පහත පරිදි වේ.
 ප්‍රාථමික සමාජවල  පැවති "කොමියුනිස්ට්" ස්වභාවය හැරුණු විට අතීතයේ දන්නා සියලුම ඓතිහාසික අවධීන් අනිවාර්‍යෙන්ම සමාජ පංති අතර විරුද්ධවාදීක්ම්වලට සම්බන්ධ වූයේ ඔවුන්ගේ විරුද්ධ පංති ආරථික අවශ්‍යතා නිසා ය (jonson, 2008; 32-33). ප්‍රාථමික කොමියුනිස්ට් අවධියේ  දී පුද්ගලයා සමාජිය වශයෙන් මෙන ම ආර්ථිකමය වශයෙන් එක හා සමාන වේ.  මෙය පන්ති සහිත සමාජයකි. මේ අවධිය තුළ පෞද්ගලික දේපළ අතිරික්තය කෙරෙහි හැඟීම් වර්ධනය වීමත් සමඟ කොමියුනිස්ට් සමාජයෙන් ඈත් වී සමාජය පන්ති සහිත සමාජයකට අවතීර්ණ වී ඇත. මෙලෙස බිහි වූ මුලම පන්ති සහිත සමාජය වන්නේ වහල් සමාජයයි. මෙම යුගයේ ප්‍රධානතම නිෂ්පාදන සාධකය වහල් දාමයට ඇති හිමි කම අනුව වහල් හිමියන් සහ වහලුන් පන්ති දෙක බිහි විය. ඉන් අනතුරුව වැඩවසම් සමාජයක් බිහි විය. මේ යුගයේ දේපළ හිමිකාරිත්වය රඳලයන් සතු වූ අතර එම රඳල පන්තියට සේවය කිරීමට බැඳී සිටි ප්‍රවේණිදාස පන්තියක් ද විය. ධනවාදී අවධියේ ධනපති පන්තය හෙවත් බුෂුවා පන්තිය සහ නිරධන පන්තිය වශයෙන් පන්ති දෙකකි. මේ යුගය කර්මාන්ත ශාලාව පදනම් කර ගත් නිෂ්පාදන යුගයකි. කර්මාන්ත ශාලාවල හිමුකාරීත්වය දැරුවේ සුළුතරයක් වන ධනපති පන්තියයි. ශ්‍රමය වැටුපට විකුණන නිර්ධන පන්තිය මෙම යුගයේ අනෙක් පන්තිය නියෝජනය කරන බහුතරය විය. ඉන්පසු බිහිවන සමාජවාදී යුගයේ පන්ති විරහිතය. පවතින සමාජය විග්‍රහ කිරීමෙන් නොනවතුනු මාක්ස් අනාගතයේ බිහි වන පූර්ව කොමියුනිස්ට් අවධිය පිළිබඳ විග්‍රහ කර ඇත. 
   මිනිස් ඉතිහාසයේ දී මෙම පන්ති වෙනස සිදු වන්නේ ඇති නැති පන්ති අතර ඇති වන ගැටුමේ ප්‍රතිපලයක් විදිහටයි. මේ නිසා මාක්ස් ප්‍රකාශ කරන්නේ "පන්ති ගැටුම හෙවත් ප්‍රචණ්ඩත්වය සමාජ ඉතිහාසයේ වින්නඹු මාතාව බවයි". මෙලෙස පවතින සමාජය පෙරළා දමා නව සමාජයක් බිහි කිරීමේ ගැටුමට සෑම් විටම මුප් පුරන්නේ නිර්ධන පන්තිය හෙවත් සමාජයේ පීඩිත පන්තියයි. මෙම ගැටුම මාක්ස් ප්‍රවාදය සහ ප්‍රතිවාදය අතර ආති වන ගැටුමක් ලෙස දකී. මෙම ප්‍රවාදය සහ ප්‍රතිවාදය අතර ගැටීම ද්වන්දාත්මක භෞතිකවාදය වේ. 
    මාක්ස්ගේ සමාජ පරිණාමයේ අවසන් අවධිය වන්නේ සුපිරි කොමියුනිස්ට් සමාජ ක්‍රමය වන අතර මෙම සමාජය තුළ පන්ති විරහිතය. එම නිසා පූර්ව කොමියුනිස්ට් යුගයේ ඝඝට්ටනයක් ඇති නොවීම හේතුවෙන් සමාජය ස්ථාවරව පවතී.


ආශ්‍රිත ග්‍රන්ථ:
සමරකෝන්, එම්. (2005). මූලික සමාජ විද්‍යාව 2, කතෘ ප්‍රකාශන; කොළඹ.


Hoogvelt, A. M. M. (1982). Theories of social evolution and development: The Marxist tradition. The third world on global development. Available at: 
https://link.springer.com/chapter/10.1007%2F978-1-349-16777-7_6


Jayapalan, N. (2001). Sociological Theories. Available at: 
https://books.google.lk/books?id=YHP_7RmmAF4C&pg=PA186&dq=sociological+theories&hl=en&sa=X&ved=2ahUKEwjp4Je748PtAhVmILcAHfEHBy8Q6AEwBHoECAEQAg


Johnson, D. P. (2008). Contemporary sociological theory: an intergrated multi-level approach. Available at:  https://books.google.com/books?id=RQySksOASh8C 


Thompson, L. A. (1979). The development of marx's concept of alienation: an introduction. Mid-American Review of Sociology, 4(01), 23-38. Available at: 
https://www.jstor.org/stable/23252608

19 comments:

කාල් මාක්ස් - සමාජ ස්ථරීකරණය, පරාරෝපණය සහ උපරි ව්‍යුහය සහ අධෝ ව්‍යුහය

සමාජ ස්ථරීකරණය   මානව සමාජවල ස්වභාවය පිලිබද පැරණිතම ලේඛනවල පවා සදහන් වන්නේ සමාජ ස්තරීකරණය සියලු මානව සන්විදනයේ කේන්ද්‍රීය අංගයක්  බවයි. ක්‍ර...