Wednesday, 17 March 2021

කාල් මාක්ස් - සමාජ ස්ථරීකරණය, පරාරෝපණය සහ උපරි ව්‍යුහය සහ අධෝ ව්‍යුහය

සමාජ ස්ථරීකරණය 

මානව සමාජවල ස්වභාවය පිලිබද පැරණිතම ලේඛනවල පවා සදහන් වන්නේ සමාජ ස්තරීකරණය සියලු මානව සන්විදනයේ කේන්ද්‍රීය අංගයක්  බවයි. ක්‍රි.පු 350දී ඇරිස්ටොටල් සිය දේශපාලනය තුල නිදහස් මිනිසුන් සහ වහලුන්ගේ ස්වභාවික ශ්‍රේණිගත කිරීම ගැන ලිවීය. වඩාත් මෑතකදී එනම් බුද්දිමය යුගයේදී ලොක්,රූසෝ සහ මොන්ටෙස්කියු වැනි දාර්ශනිකයින් වැඩවසම් සමාජ ස්තරීකරණ ක්‍රමය සහ එහි අසමානතාවයන් පිලිබද අඩහ්ස් දක්වා ඇත. 1800 දශකයේ මැද භාගය වන විට ඩර්කයිම් සහ වෙබර් වැනි සම්භාව්‍ය සමාජ් විද්‍යාත්මක න්‍යායවාදීන් එඅර්තමානය දකවා පවතින සන්කලප භාවිතා කරමින් සමාජ ස්තරීකරණ ක්‍රමය පිළිබද වඩාත් ක්‍රමානුකූල විශ්ලේශනයක් ඉදිරිපත් කර ඇත.(kerbo, 2017; 1).

කාල් මාක්ස්  මෙන් සමාජයේ  සහ සමාජ  වෙනස සදහා පන්තියේ වැදගත්කම වෙනත් කිසිදු න්‍යායවාදියෙකු අවදාරණය කර නැත. සමාජ ස්තරීකරණය පිළිබද සමස්ත මාක්ස්වාදී ඉදිරි දර්ශනය සමාජ පන්ති සන්කලපය වටා භ්‍රමණය වේ. සමාජ,අර්ථික සහ දේශ්පාලන අසමානතාවයේ තීරණාත්මක  නිර්ණායකය ලෙස පන්ති භේදය මාක්ස් පෙන්වා දී ඇත. මාක්ස්ගේ මතයට අනුව සෑම විටම අධිපති සහ යටත් පන්තියක් සමජයේ පවතී. මෙහිදී පාලක පන්තිය යනුවෙන් මාක්ස් හැදින්වූයේ නිෂ්පාදන මාධ්‍යන් (ඉඩම් හා යන්ත්‍රෝපකරණ) හිමිකාරීත්වය දරන පංතිය වන අතර යටත් පංතිය ලෙස හැදින්වූයේ සිය ශ්‍රමය විකුණන පංතියයි. පාලක පංතිය තම බලය නොනැසී පවත්වා ගනු ලබන්නේ නිෂ්පාදන බලවේගයන්ගේ හිමිකාරීත්වය සහ පාලනයයෙනි.

සරල ප්‍රාථමික සමාජයක් හැරුණු විට මෙම පංති අතර සම්බන්ධතාවය ඉතිහාසයේ සෑම අදියරකම මෙම සූරාකෑමට ලක්ව ඇත. ප්‍රාථමික සමාජවල සාමාජ පංති දැක ගත නොහැකි බව මාක්ස් විශ්වාස කළේ ය. එවැනි සමාජවල සරල සමානතාවයක් පැවති අතර පන්ති මත පදනම්ව ස්ථරීකරණයක් නොතිබුණි. මාක්ස්වාදී  මතය අනුව පාලක පන්තිය යටත් පංතිය සූරා කෑමට සහ පීඩාවට පත් කළේ ය. එහි ප්‍රතිපලයක් වශයෙන් පංති දෙක අතර මූලික ගැටුමක් පවතී. මෙතෙක් පැවති සියලුම සමාජයේ ඉතිහාසය යනු පංති අරගලවල ඉතිහාසයයි. මාක්ස් විග්‍රහ කළ ඉතිහාසය පංති අරගලයේ වර්ධනයකි. මාක්ස්වාදී දෘෂ්ටිකෝණයෙන් බලන විට ස්තරීකරණ ක්‍රමයන් සමාජ පංතිවල සම්බන්ධතාවයෙන් නිෂ්පාදන බලවේග දක්වා විහිදේ. මාක්ස්වාදී මතයට අනුව, පංතියක් යනු නිෂ්පාදන බලවේගයන්ට සමාන සම්බන්ධතාවයක් ඇති සමාජ කණ්ඩායමකි. මාක්ස් සියලු වර්ගවල මානව සමාජවල ස්තරීකරණය විශ්ලේෂණය කළ ද ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වී  ඇත්තේ 19වන සියවසේ සමාජයන් වෙතය. මෙම කාලය තුළ යුරෝපය නූතන කාර්මික ධනවාදී නිෂ්පාදන ක්‍රමයට යටත් විය.  හුදෙක් ශ්‍රම බලයේ අයිතිකරුවන්, ප්‍රාග්ධනයේ හිමිකරුවන් සහ ඉඩම් හිමියන් එවකට නවීන පංතියේ විශාල පංති තුනකි. ධනවාදී නිෂ්පාදන ක්‍රමය මත පදනම් වූ සමාජය එංගලන්තයේ නූතන සමාජය අවිවාදයෙන් ම ආර්ථික ව්හ්‍යුය තුළ අතිශයින් ම ඉහළ හා සම්භාව්‍ය ලෙස වර්ධනය වී ඇත. මෙහිදී පවා පන්තිවල ස්ථරීකරණය එහි පිරිසිදු ස්වරූපයෙන් නොපෙන්වයි(Levine, 2006; 47-48). 

පංතිභේදයේ ආර්ථික නිර්චනය වූයේ, ඉඩම් අයිතිකරුවන්ට සහ හිමිකරුවන්ට එරෙහිව පුද්ගලික දේපළ ඉවත් කිරීම පිළිබද නිගමනය කිරීමට මාක්ස් හට ඉඩ දීම ඕනෑම අනාගත කොමියුනිස්ට් ජාතියක් තුළ පුළුල් අසමානතාවය සහ සමාජ ස්තරීකරණය පවා තුරන් කරනු  ඇත(Kerbo, 2017; 2).

මේ අනුව මාක්ස් සමාජ ස්ථරීකරණය සමාජ පංති ඇසුරින් විග්‍රහ කර ඇත. 


පරාරෝපණය 

පරාරෝපණය හේගල් සහ ෆියර්බැක් සදහා බුද්දිමය සංසිද්ධියකි. එය ලෝකය වැරදි ලෙස බැලීමේ ප්ප්‍රතිවිපාකයකි. නමුත් කාල් මාක්ස් සදහා එය ද්‍රව්‍යමය හා සමාජ ක්‍රියාවලියකි. ඔහු ඒ සදහා Enftermdung (වෙන් කිරීම) යන යෙදුම භාවිත කරයි. එය ඔහුගේ "අන් සතු කිරීමේ න්‍යාය" වන අතර එය ජීවීන් වෙන් කිරීම නිරූපණය කරයි. නිසි ලෙස එකගතාවයකට පැමිණ ඇති පුපුද්ගලයන් හෝ කණ්ඩායම් අතර ප්‍රතිවිරෝධතාවයේ හේතු සථානගත කිරීම සහ බලපෑම්  ද මෙයින් විස්තර කෙරේ(Shah, 2015; 43-44).  එනම් පරාරෝපණය යනු තමා වෙත පළමුව ඇති නමුත් දෙවනුව තමාගෙන් ඈත් වී තමාට එරෙහිව ශක්තියක් වී එය ම විසින් තමා පෙළෙමින් තව දුරටත් ප්‍රබල වෙමින් පැවතීමයි.

මාක්ස්ගේ පරාරෝපණය න්‍යායේ පූර්වාදර්ශය හේගල්ගේ දර්ශනයන්හිදී සහ ලුද්විග් ෆියර්බාක්ගේ හේගල් පිළිබද භෞතිකවාදී විවේචනයන්හි සදහන් වේ(Thompson, 1979; 23-24). 

මාක්ස් විසින් කම්කරු පංතිය ධනපතියන් විසින් සූරාකනු ලැබූ ක්‍රමවේදයන් විස්තර කරයි. එහිදී ධනපතියා එවැනි නිෂ්පාදන ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් ඔවුන්ට ප්‍රතිලාභ ලබා ගත හැකි අතර කම්කරුවන් සූරාකෑමට හේතු වන ආකාරය විස්තාරණය කරමින් මෙම සූරාකෑම හේතුවෙන් ධනපතියන් සහ නිරධනයන් වෙන් වී සිටින බව ඉදිරිපත් කර ඇත. එම ක්‍රියාවලිය සහ සිදු වීම අන්තර්වර්ථකරණය ලෙස සලකනු ලැබේ. එයින් අදහස් කරන්නේ වැඩ කරන ජනතාව සෑම දෙයක්ම  ඔවුන්ගේ රැකියාවල යොදවා ඇති නමුත් එයින් ලැබෙන ප්‍රතිලාභ අල්ප බවයි. එය පංති අතර ගැටුම සහ පරාරෝපණයක් ඇති කරයි. මෙම අන්සතු කිරීම බහුමාන වන අතර එය ජීවිතයේ සෑම අංශයක්ම ඇතුළත් වේ(ආගම, දේශපාලනය, සමාජ හා ආර්ථික සබදත). නමුත් එය ශ්‍රමයට විශේෂයෙන් බලපෑම් කරනු ලබයි. 

මාක්ස් මිනිසා ශ්‍රමිකයන් ලෙස අර්ථ දක්වයි. ශ්‍රමය යනු, මිනිසාගේ අවකලනයයි. නිෂ්පාදනය යනු, මිනිසාගේ පැවැත්ම සදහා ස්ථීර කොන්දේසියක් වන අතර මිනිස් ස්වභාවයේ ස්ථීර ලකෂණයකි. නමුත් මිනිසෙකු තම ශ්‍රමය අනුව යම් වස්තුවක් නිපද වූ විට එම වස්තුව එම මිනිසා සමග ගැටෙයි. නිෂ්පාදකයා තමාගේම දෑ සෑදීම නතර කරයි. පුද්ගලයා නිෂ්පාදනය කරමින් සිටින විට නිපදවන වස්තූන් මගින් පුද්ගලයා සතුරු ලෝකයක් ලෙස වට කරයි. මාක්ස්ගේ න්‍යායට අනුව නූතන මිනිසා හුදකලා වීමට ඔහු නිර්මාණය කරන පරිසරයම හේතූ වේ(Shah, 2015; 43-44).

නිදසුන්: න්‍යෂ්ටික අවි, ආර්ථික තත්ත්වන් කාර්මික හා තාක්ෂණික සංවර්ධනය. මාක්ස් න්‍යායට අනුව මිනිසා තමා විසින් ම සාදන පපරිසරයේ අසරණ රූකඩයක් බවට පත් ව ඇත. 

මාක්ස් පරාරෝපණ න්‍යායේ දී ආගම පිළිබද විග්‍රහයක්  ද ඉදිරිපත් කර ඇත. ඉන් අදහස් වන්නේ මිනිසා ආගමික සහ අභිචාරාත්මක විශ්වාස මත පිහිටා තම බලය ඒවාට පවරා ඒවාට යටත් වී ජීවත් වීමයි. 


උපරි  ව්‍යුහය සහ අධෝ ව්‍යුහය 

මාක්ස් සමාජ ව්‍යුහය පිළිබද අදහස් දැක්වීමේ දී එය කොටස් දෙකකට බෙදා දක්වයි. 

01. උපරි ව්‍යුහය (Superstructure)

02. අධෝ ව්‍යුහය (Infrestructure)

මාක්ස් පදනම හෙවත් අධෝ ව්‍යුහය අර්ථ දක්වන්නේ හුවමාරුව සදහා අවසානයේදී සකස් කරන ද්‍රව්‍ය නිර්මාණය කරන හා නිෂ්පාදනය කරන මිනිසුන් අතර ඇති සමාජ සම්බන්ධතා ලෙසය. එනම් සමාජයක දක්නට වන ආර්ථිකය අධෝ ව්‍යුහය වේ. ආර්ථිකය හැර් අනෙක් දේ උපරි ව්‍යුහයට අයත් වේ. නීති, දේශපාලනය, ආගම සහ සාහිත්‍ය පදනම් තුළ ඇතිවන සමාජ පංතිවල බලය නීත්‍යානුකූල කරන සුපිරි ව්‍යුහයක් පාදමේ සිට පැමිනේ. 


පදනම සහ සුපිරි ව්‍යුහය සාකච්ඡා කිරීමේ දුෂ්කරතාවය නම්, බොහෝ විට සුපිරි ව්‍යුහයේ කොටසක් ලෙස දැකිය හැකි දේශපාලනයේ හා දෘෂ්ටිවාදයේ අංගයන්ගෙන් තොරව පදනම නිර්වචනය කළ නොහැකි වීමයි(Rigby, 1998; 177). උපරි ව්‍යුහය පිළිබද අවධානය යොමු කිරීමේ දී සංකාල්පවේදය වැදගත් වේ. උපරිවේදයට අයත් සියලුම දේ සංකල්පවේදය වේ. මාක්ස් දක්වන්නේ  ඕනෑම ස්තරගත සමාජයක සංකල්පවේදය පාළක පංතියේ අවශ්‍යතාව අනුව හැඩ ගැසී ඇති බවයි. එම නිසා මාක්ස් සංකල්පවේදය ප්‍රභූ සංකල්පවේදයක් බව අවධාරණය කර ඇත. මෙලෙස උපරි ව්‍යුහය සහ අධෝ ව්‍යුහය සංකල්ප පිළිබද අවධානය යොමු කරමින් මාක්ස් සමාජය වෙනස් කිරීමට පාදම වෙනස් කළ යුතු බව පැහැදිලි කර ඇත. 


ආශ්‍රිත ග්‍රන්ථ 

Kerbo, H. R. (2017). Social Stratification. The wiley Blackwell Encyclopedia of Social Theory, 1-4, Available at: https://scholar.google.com/scholar?hl=en&as_sdt=0,5&qsp=8&q=karl+marx+social+stratification&qst=ib#d=gs_qabs&u=%23p%3DM3AhzTCbVO4J (Accessed 10 December 2020).

Rigby, S. H. (1998). Maxism and history: A critical introduction. Available at: https://books.google.lk/books?id=6wFHth05xkoC&pg=PA177&dq=superstructure+and+infrastructure+marxism&hl=en&sa=X&ved=2ahUKEwi2nrnG9MPtAhWQILcAHVXTDU8Q6AEwBHoECAUQAg#v=onepage&q=superstructure%20and%20infrastructure%20marxism&f=false (Accessed 10 December 2020).

Shah, M. I. (2015). Mark's concept of alienation and its impacts on human life. Al Hikmat, 35, 43-54, Available at: https://www.google.com/url?sa=t&source=web&rct=j&url=http://pu.edu.pk/images/journal/phill/pdf_files/MARX_S%2520CONCEPT_v35_2015.pdf&ved=2ahUKEwik1tq4vcPtAhWZcn0KHROHARg4ChAWMAR6BAgAEAE&usg=AOvVaw0ewYtyGAlLCWpYEimUsNpG (Accessed 10 December  2020). 

Thompson, L. A. (1979). The development of marx's concept of alienation: an introduction. Mid Amarica Review of sociology, 4(1), 23-38, Available at: https://www.jstor.org/stable/23252608 (Accessed 09 December 2020). 

කාල් මාක්ස් - සමාජ ස්ථරීකරණය, පරාරෝපණය සහ උපරි ව්‍යුහය සහ අධෝ ව්‍යුහය

සමාජ ස්ථරීකරණය   මානව සමාජවල ස්වභාවය පිලිබද පැරණිතම ලේඛනවල පවා සදහන් වන්නේ සමාජ ස්තරීකරණය සියලු මානව සන්විදනයේ කේන්ද්‍රීය අංගයක්  බවයි. ක්‍ර...